Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව ඇතුලු රටවල් කිහිපයකට ඇමරිකාවෙන් සම්බාධක  

Add comments

ඊයේ දිනට යෙදී තිබුණු ලෝක මානව හිමිකම් දිනය මූලික කර ගනිමින් ලොව රටවල් කිහිපයකට සම්බාධක පැනවීමට අමෙරිකාව කටයුතු කර තිබෙනවා.

මානව හිමිකම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් චීනය, මියන්මාරය,  උතුරු කොරියාව සහ බංග්ලාදේශයට සම්බාධක පෙළක් පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මීට අමතරව චීනයේ සෙන්සේ ටයිම් රොබෝ තාක්ෂණ සමාගම ආයෝජන අසාදු ලැයිස්තුවට ඇතුළත් කිරිමට ද පියවර ගැනීමටයි අමෙරිකාව පියවර ගෙන තිබෙන්නේ.

මියන්මාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව සම්බාධක පැනවීම සදහා කැනඩාව සහ අමෙරිකාව එක්ව කටයුතු කර තිබෙනවා.

ජෝ බයිඩන් පරිපාලනය යටතේ අමෙරිකාව උතුරු කොරියාවට සම්බාධක පනවන පළමු අවස්ථාව ද මෙය වනවා.

 

 

 

The post උතුරු කොරියාව ඇතුලු රටවල් කිහිපයකට ඇමරිකාවෙන් සම්බාධක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG