Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් එන්නත් ලබා නොගත් අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට පණිවුඩයක්  

Add comments

ඔමික්‍රෝන් සමාජ ව්‍යාප්තියක් පැවතිය හැකි රටවල සංචාරයෙන් වළකින ලෙස කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබාදී තිබෙනවා.

දිගුකාලීන බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන් හට ද මෙම උපදෙස් අදාළ වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ. රටවල් ඉලක්ක කර ගත් මහා පරිමාණ සංචාරක සීමා පැනවූ පමණින් නව ප්‍රභේදය රටින් රටට ව්‍යාප්ත වීම පාලනය කළ නොහැකි බව එම සංවිධානය පෙන්වා දී තිබෙනවා. ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍ර‌ෙභ්දය මේ වන විට වඩාත් වේගයෙන් ලොව රටවල් අතර ව්‍යාප්ත වෙමින් පවතිනවා. දැනට ලොව පුරා ජනාකීර්ණ මහාද්වීප 5 න් ම රෝගීන් හඳුනාගෙන ඇති අතර රටවල් සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙසේ හඳුනාගත් සියලුදෙනා අප්‍රිකාවේ සංචාරය කිරීමෙන් පසු නැවත සිය රටට පැමිණි පිරිස් බවයි හඳුනාගෙන තිබෙන්නේ.

 

 

 

 

The post කොවිඩ් එන්නත් ලබා නොගත් අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට පණිවුඩයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG