Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විෂ දුමාරය දින 11ක් නව දිල්ලිය වසා ගනී  

Add comments

ඉන්දියාවේ දිල්ලි අගනුවර වැඩිම දින ගණනක් පැවති වායු දූෂණය මේ වසරේ වාර්තා වුණා.

මේ වසරේ දීපාවලි උත්සවයත් සමඟ නව දිල්ලියේ දින 11 ක් පුරා විෂ සහිත දුමාරය පැවති අතර එය වසර 6 කට පසු වාර්තා වූ දීර්ඝතම වායු දූෂණ කාල සීමාව ලෙසයි සටහන් වුණේ. මීට පෙර 2016 වසරේ දීපාවලි උත්සව සමයේදී නව දිල්ලියේ වායු දූෂණය දින 10 ක කාලයක් පුරා පැවතුණා. වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ නවදිල්ලි අගනුවර පාසල් සියල්ල වසා දැමීමට ද පියවර ගෙන තිබුණා. එමෙන්ම කර්මාන්තශාලා බොහොමයක් වසා දැමීමට ද කටයුතු කළා. වායු දූෂණය අවම කිරීමට නගර බලධාරීන් පියවර රැසක් ගෙන තිබීම හේතුවෙන් පාරිසරික මට්ටම යම්තාක් දුරකට යහපත් මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබුණු බවයි පැවසෙන්නේ.

 

 

 

 

 

 

The post විෂ දුමාරය දින 11ක් නව දිල්ලිය වසා ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG