Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන-ලාඕස දුම්රිය මාර්ගය ලාඕස සංවර්ධනය සඳහා විශාල අවස්ථාවක්  

Add comments

“එක් තීරයක් එක් මාවතක්” වැළපිළිවෙළ යටතේ සුවිශේෂ ව්‍යාපෘතියක් වන චීන-ලාඕස දුම්රිය මාර්ගය හෙට(3) නිල වශයෙන් විවෘත වීමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ලාඕස ජනාධිපති Thongloun Sisoulith මහතා විඩියෝ හමුවක් මගින්, චීන-ලාඕස දුම්රිය මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමට නියමිතව සිටිති.

මෙම දුම්රිය මාර්ගය ඔස්සේ විවර වන  නව සංවර්ධන අවස්ථා රැසක් ලාඕසයේ සංචාරක කර්මාන්තය පුළුල් ලෙස වර්ධනය කරනු ඇත. එමෙන්ම එම මාර්ගය එරට සියලුම කර්මාන්ත සඳහා, විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය සඳහා විශාල අවස්ථාවකි. ලාඕසය චීන සංචාරකයින් දැඩි ලෙස ආකර්ෂණය කරන තවත් රටක් බවට පත්වනු ඇත.

‍ලෝක බැංකුව පළ කළ වාර්තාවලට අනුව, චීන-ලාඕස දුම්රිය මාර්ගය විවෘත කිරීමෙන් පසු, සෑම වසරකම ලාඕසයේ සංචාරකයින් මිලියන 4ක් සහ අසල්වැසි රටවල සංචාරකයින් මිලියන 10ක් මෙම දුම්රිය මාර්ගය භාවිත කරනු ඇතැයි ගණන් බලා ඇත.

දිගුකාලීනව, ලාඕසය සහ ගෝලීය සැපයුම් දාමය අතර සම්බන්ධීකාරකය වශයෙන් චීන-ලාඕස දුම්රිය මාර්ගය, එරට මුළු ආදායම 21% කින් වැඩිකරනු ඇති අතර, ආයෝජකයින් සඳහා ලාඕසයේ ආකර්ෂණය ද ඉහළ නංවනු ඇත.

 

 

The post චීන-ලාඕස දුම්රිය මාර්ගය ලාඕස සංවර්ධනය සඳහා විශාල අවස්ථාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG