Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වව්නියාවේ වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදිඅයරට  

Add comments

වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ වව්නියාවේ වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වෙමින් පවතිනවා.

වව්නියාව, වව්නියාව දකුණ, සෙට්ටිකුලම හා නෙඩුන්කේනි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම වැව් ප්‍රතිසංස්කරණය සිදු කෙරෙන්නේ රුපියල් මිලියන 100ක වියදමින්. යුද්ධය හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ මෙම වැව් ප්‍රතිසංස්කරණයට ලක්වූයේ නැහැ. ඒ හේතුවෙන් ගොවි ජනතාවට වගා කටයුතු සිදු කිරීමේදී දැඩි දුෂ්කරතාවන්ට ලක්වීමට සිදු වුණා. එම දුෂ්කරතා මගහරවමින් මෙම වැව් ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ යල මහ දෙකන්නයේ ප්‍රමාණවත් ලෙස ජලය එක්රැස් කරගැනීමේ අපේක්ෂාවෙනුයි. මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු වව්නියාව දිසා ලේකම් පී.ඒ . සරච්චන්ද්‍ර මහතාගේ නිරීක්ෂණයටද ලක් වුණා.

 

 

The post වව්නියාවේ වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදිඅයරට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG