නැව් වලදීම ගෑස් පරීක්ෂා කිරීම අද (02) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ ප්‍රකාශ කළා.
මේ අතර ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබද විමර්ශනයට හා විසදුම් සෙවීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුව මේ වන විට සිය කටයුතු ආරම්භ කර තිබෙනවා.
කමිටුවේ පළමු රැස්වීම මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවති බවයි කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පවසන්නේ.
ගෑස් සිලින්ඩර ආශ්‍රීත ගිනි ගැනීම් ආදිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව සති දෙකක් තුළ ජනාධිපතිතු වෙත ලබාදීමට නියමිතයි.
මේ අතර ඊයේ දිනයේද ප්‍රදේශ කිහිපයකින් ගෑස් උදුන් පුපුරායාමේ සිද්ධීන් වාර්තා වුණා. ඒ නුවරඑළිය, කන්තලේ, සහ පුත්තලම ආදී ප්‍රදේශවලිනුයි. ගෑස් කාන්දුවීම් සහ ගෑස් උදුන් පුපුරායාමේ සිද්ධීන් හමුවේ ලිට්ට්‍රෝ ගෑස් සිලින්ඩර අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව අපට වාර්තා වනවා. ගෑස් අලෙවිය අඩුවීම හමුවේ සීමිත ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් පමණක් ලබා ගන්නා බවයි ඇතැම් ගෑස් අලෙවි නියෝජිතයන් පවසන්නේ.
The post පුපුරනවාද? නැද්ද? අද සිට නැවේදීම ගෑස් පරීක්ෂාවට appeared first on ITN News.
Post a Comment