Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුඩු අංජුගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට  

Add comments

විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිංහාරගේ අමල් චමින්ද සිල්වා නොහොත් රත්මලාන කුඩු අංජුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකායයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ. ඒ එම බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුවයි. ඒ අනුව ගල්කිස්ස ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එදිරිමුනි ඉන්දික සුරංග සොයිසා නොහොත් ලංසියාවත්තේ සුද්දා සහ පල්ලගේ කිත්සිරි ප්‍රේමලාල් සිල්වා යන අයයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ හෙරොයින් සහ කේරළ ගංජා ද සමගයි.

මොවුන් මනුෂ්‍ය ඝාතන පහක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර සිටින දෙදෙනෙකු බවයි ගල්කිස්ස පොලීසිය පවසන්නේ.

 

The post කුඩු අංජුගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG