තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (02) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ අසූ දෙදහස් හාරසියයකුයි අද අලුයම මෙලෙස දිවයිනට රැගෙන එනු ලැබූයේ. කිලෝග්‍රෑම් එක්දහස් දාහතරක් බර මෙම එන්නත් තොගය පෙට්ටි 32 ක අසුරා තිබුණා.
මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත ගෙන යාමට පියවර ගෙන තිබෙනවා.
The post තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට appeared first on ITN News.
Post a Comment