බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදනය කළ ගිනි අවි හතක් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩි බෙහෙත් කොටන තුවක්කු හතකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කලවංචිකුඩි විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණා. එහි දෙවන කදවුරු අණ දෙන නිලධාරි පොලිස් පරීක්ෂක කේ බී තෙන්නකෝන් මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් කරදියනාරු කිතුල පොතාණ ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර තිබෙනවා. එහිදී ගිනි අවි හත සමග යකඩ බෝල තුන්සිය පනහක් ද සතුන් මැරීම සදහා යොදා ගන්නා යකඩ මදු පහක්ද සොයා ගැණුනා.
මීට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුලු විමර්ශන කටයුතු සදහා අදාළ ගිනි අවි සහ ද්‍රව්‍ය කරදියනාරු පොලිසියට භාර දී තිබෙනවා.
The post මෙරට නිෂ්පාදිත ගිනි අවි 7ක් STF අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment