Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැඩි නියඟය හේතුවෙන් සෝමාලියාව සාගතයකට මුහුණ දෙයි  

Add comments

සෝමාලියාවට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මිලියන තුනයි දශම පහක පිරිසක් සාගතයකට මුහුණ දී සිටින බව ලෝක ආහාර වැඩසටහන පවසනවා. ඒ සමගම සෝමාලියාව තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණා.

පසුගිය වසරේ මුල් භාගයෙන් පසු සෝමාලියාවට වැසි ලැබී නොමැති බවයි වාර්තා වන්නේ. එරට බහුතර ප්‍රදේශ සංඛ්‍යාවක් දැඩි නියං තත්ත්වයකට මුහුණ දී සිටිනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුඩා දරුවන්ට හා කාන්තාවන්ටයි. ආහාර අර්බුදය යම් තාක් දුරකට හෝ පාලනය කිරීම සදහා මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්ට හා ගැබිණි කාන්තාවන්ට අවශ්‍ය ආහාර ලබාදීමට ලෝක ආහාර වැඩසටහන පියවර ගෙන තිබෙනවා.

ඒ යටතේ මසකට වරක් ඔවුන්ට අවශ්‍ය ආහාර ලබා දෙන බව ලෝක ආහාර වැඩසටහන සදහන් කරනවා. ආහාර  හිගවීමත් සමග සෝමාලියාව තුළ මානුෂීය අර්බුදයක් නිර්මාණය වී ඇති අතර ලබන වසරේ මැයි මාසය වනවිට එරට ජනතාවගෙන් සියයට තිහක ප්‍රමාණයකට ආහාර නොලැබී යාමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

 

The post දැඩි නියඟය හේතුවෙන් සෝමාලියාව සාගතයකට මුහුණ දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG