Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමස්ත ඔලිම්පික් ව්‍යාපාරයේ දේශපාලන මධ්‍යස්ථභාවය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ  

Add comments

10 වැනි ඔලිම්පික් නායක සමුළුව 11වැනිදා මාර්ගගත ව පැවැත්විණ. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගෝලීය ශීත ඍතු ක්‍රීඩාවේ නව යුගයක් උදාකරනු ඇති බව එම සමුළුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඔලිම්පික් ව්‍යාපාරය සහ ක්‍රීඩාව “දේශපාලනීකරණය කිරීමට” තරයේ විරෝධය පළ කරන මෙම සමුළුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇතුළු සමස්ත ඔලිම්පික් ව්‍යාපාරයේම දේශපාලන මධ්‍යස්ථභාවය පවත්වා ගැනීමේ වැදගත්කම පැහැදිලි කර තිබේ.

සමුළුවට එක් වූ නියෝජිතයෝ බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් අදියරේ සූදානම් කටයුතු පිළිබඳ වාර්තාවකට සවන් දුන්හ. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගෝලීය ශීත ඍතු ක්‍රීඩාවේ නව යුගයක් උදාකරනු ඇති බව එම සමුළුව පෙන්වා දෙයි. මිලියන 300 ක ජනතාවක් අයිස් හා හිම ක්‍රීඩා සඳහා සහභාගී වීම චීනය දිරිගන්වන අතර එමගින් ගෝලීය ශීත සෘතු ක්‍රීඩා සංවර්ධනය නව ඉහළ මට්ටමකට ළඟා වනු ඇතැයි එම සමුළුව පවසයි.

මීළඟ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල පැවැත්වීම සම්බන්ධ කරුණු සහ දූෂණයට හා තහනම් උත්තේජකයන්ට විරුද්ධවීම යනාදී කරුණු පිළිබඳව ද සමුළුවේදී සාකච්ඡා කෙරිණ.

The post සමස්ත ඔලිම්පික් ව්‍යාපාරයේ දේශපාලන මධ්‍යස්ථභාවය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG