Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා සහ අගමැති අතර හමුවක්  

Add comments

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දින් සහෙබ්තුමා අද (11) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

ලොව පුරා වෙසෙන මිලියනයකට ආසන්න බෝරා ප්‍රජාවට නායකත්වය දෙනු ලබන්නේ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දින් සහෙබ්තුමාය. තමන් ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට නැවත වරක් පැමිණීමට ලැබීම සතුටට
කරුණක් බව ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දින් සහෙබ්තුමා අග්‍රාමාත්‍යතුමා හමුවේ පැවසීය.

මුළු ලොවම කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින මෙවන් මොහොතක රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඉතා සාර්ථකව එන්නත්කරන ක්‍රියාවලිය ඉටුකිරීම අගය කරන බවද ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දින් සහෙබ්තුමා පැවසීය.

වෙළඳ ව්‍යාපාරික කටයුතු ඔස්සේ මෙරට ආර්ථිකය නගා සිටුවීමට බෝරා ප්‍රජාව විසින් ඉටුකරන කාර්යභාරය මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ ඇගයීමට ලක්විය.

බෝරා අධ්‍යාත්මික නායකතුමා ඇතුළු පිරිස සමඟ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

The post බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා සහ අගමැති අතර හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG