Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විසර්ජන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි  

Add comments

2022 ජනවාරි 01 දිනයෙන් ආරම්භවී 2022 දෙසැම්බර් 31 දින අවසන් වන මුදල් වර්ෂය වෙනුවෙන් ආණ්ඩුවේ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහතිකය ඊයේ (10) හිමිවිය.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පසුගිය ඔක්තෝබර් 7 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඉන් අනතුරුව පසුගිය නොවැම්බර් 12 වන දින ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා ( අයවැය කථාව ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

මේ අනුව දින හතක විවාදයක් පැවැත්වීමෙන් අනතුරුව නොවැම්බර් 22 දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණ අතර එය වැඩි ඡන්දයෙන් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 153 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණි.

ඉන් අනතුරුව නොවැම්බර් 23 දින සිට ඊයේ ( 10 ) දින දක්වා පැවති කාරක සභා අවස්ථාවේදී එක් එක් අමාත්‍යාංශවල වැය ශීර්ෂය විවාදයට ගැනීම හා සම්මත කිරීම සිදු විය. මේ අනුව ඊයේ දින තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදී සංශෝධන සහිතව විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය.ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 64 ක් ලැබුණි.

මේ අනුව ඊයේ ( 10 ) දිනම පස්වරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව ඊයේ දින සිට 2021 අංක 30 දරන විසර්ජන පනත වශයෙන් මෙය බලාත්මක වේ.

The post විසර්ජන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG