Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනවසර ලෙස දැවි තෙල් අංගනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

අනවසර ලෙස දැවි තෙල් අංගනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.

තෙල් බවුසර් තුනක් සහ බැරල් මෙන්ම ගැලුම් විශාල ප්‍රමාණයක් ද සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. වෙනත් ව්‍යාපාරයක ලියාපදිංචි සහතිකයක් භාවිත කරමින් වසර පහක කාලයක් මෙම ජාවාරම සිදු කර ඇති බවටයි හෙළිව තිබෙන්නේ. දැවි තෙල් ගබඩා කිරීම ප්‍රවාහනය මෙන්ම පිරිපහදුව ද මෙම ස්ථානයේ දී ම සිදු කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාශයේ මෙහෙයවීමෙන් වැටලිම සිදු කළා. සැකකරු සහ අදාළ උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

The post අනවසර ලෙස දැවි තෙල් අංගනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG