Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසාදිතයා කැලිෆෝනියාවෙන් හඳුනා ගැනේ  

Add comments

ඇමරිකාවේ පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හදුනාගෙන තිබෙනවා. ඔහු දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතව සිට පැමිණි පුද්ගලයෙකු බවයි  වාර්තා වන්නේ.

උද්ගතවී ඇති  තත්ත්වය හමුවේ ඇමරිකාව සිය ගුවන්තොටුපළවල සිදුකෙරෙන කොරෝනා පරීක්ෂණ ක්‍රියාවලිය දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකාව මේ මොහොතේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ද දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. එවන් පසුබිමක දීයි ඔමික්‍රෝන් ආසාදිතයෙකු එරට කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හදුනා ගැණුනේ.

මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් සහ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට ඇමරිකාවයි. ගතවූ පැය 24 තුළ එරටින් හදුනාගැණුනු නව කොරෝනා ආසාදිත සංඛ්‍යාව 112800 වන අතර සිදුවූ මරණ සංඛ්‍යාව 1494 ක්. ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍ර‌ෙභ්දය මේ වන විට වඩාත් වේගයෙන් ලොව රටවල් අතර ව්‍යාප්ත වෙමින් පවතින අතර  ලොව ප්‍රධාන මහාද්වීප 5 න් ම රෝගීන් හදුනාගෙන තිබෙනවා.

රෝගීන් වාර්තා වන රටවල් සංඛ්‍යාව 28 ක්. යුරෝපා කලාපයෙන් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීම විශේෂත්වයක්. දකුණු අප්‍රිකාවෙන් ද දෛනිකව හදුනාගැනෙන ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව සදහන්. ආසියානු කලාපීය රටවල් 3 කින් ද ඔමික්‍රෝන් ආසාදිතයින් හදුනාගෙන තිබෙනවා. ඒ හොංකොං රාජ්‍යය,ජපානය සහ දකුණු කොරියාවෙන්.

The post ඇමරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසාදිතයා කැලිෆෝනියාවෙන් හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG