Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ජර්මානු සහය  

Add comments

කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය යළී ශක්තිමත් කිරිමට සහය දෙන බව ශ්‍රි ලංකාවේ ජර්මානු තානාපති Holger Seuvert මහතා නැගෙනහිර පළාත් අණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවූ අවස්ථාවේ පැවසීය.

අද (2) පෙරවරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි මෙම හමුව පැවැත්වුණි.

මෙහිදි ජර්මානු තානාපතිවරයා කියා සිටියේ දීර්ඝ කාලයක සිට දෙරටේ සංචාරක ක්ෂේත්‍රය ඉතා පුළුල්ව පැවැතියද පසුගිය වසර 2 තුල කොවිඩ් වසංගතය නිසා ඊට බාධා එල්ල වූ බවයි.

සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කිරිම සදහා ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවයක් කඩිනමින් ආරම්භ කිරිමට කටයුතු කල යුතු බවද ජර්මානු තානාපතිවරයා කීවේය. එවිට කොළඹට පැමිණෙන සංචාරකයින්ට කෙටි වෙලාවක් තුල ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශ වලට ගමන් කිරීමේ හැකියාව තිබෙන බවද හෙතෙම කියා සිටියේය. එහිදි ආණ්ඩුකාරවරිය කියා සිටියේ එම යෝජනාව ජනාධිපතිවරයාට සහ රජයට ඉතා කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන බවය.

මේ අතර නව ආයෝජන අවස්ථා නැගෙනහිර පළාතේ ඇති කිරිම කෙරෙහි අවධානය යොමු වී ඇති බවද ජර්මානු තානාපතිවරයා කිවේය. එම ආයෝජන අවස්ථාව ලබා දීම තුලින් පළාතේ ජන ජිවිතය වඩා ශක්තිමත්ව ගොඩ නගා ගත හැකි බවද ආණ්ඩුකාරවරිය මෙහිදි කියා සිටියාය. එරාවූර් ප්‍රදේශයේ ඉදිකිරිමට නියමිත නව ඇගළුම් කලාපය පිළිබදව ද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

The post ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ජර්මානු සහය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG