Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවිස්සාවේල්ල මහරෝහලේ නවීකරණය කළ ළමා වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට  

Add comments

අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහරෝහලේ නවීකරණය කළ ළමා වාට්ටු සංකිර්ණය සහ ළමා කොවිඩ් ඒකකය රෝහල වෙත භාරදීම සිදු කෙරුණා. ඒ යුනිසෙෆ් ශ්‍රී ලංකා ආයතනයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් යතූක් මහතාගේ ප්‍රධානත්වයෙන්.

අවිස්සාවේල්ල රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය දීර්ඝ කාලයක සිට ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් වාට්ටු සංකීර්ණය ප්‍රතිසංස්කරණය කෙරුණු අතර ඒ සදහා මූල්‍ය දායකත්වය ලබා දුන්නේ ජේ ජේ මිල්ස් පෞද්ගලික සමාගමයි. වැසිකිලි පද්ධතිය සහ කාර්ය මණ්ඩලයේ විවේකාගාරය ද පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්කර තිබෙනවා. වාට්ටුවට අවශ්‍ය ඇදන් 40ක් ඇතුළු උපකරණ ද රෝහල වෙත ලබාදීමට කටයුතු කෙරුණා. සම්පූර්ණ ව්‍යාපෘතිය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 12ක්. අවිස්සාවේල්ල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ සෙන්දනායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.

 

 

The post අවිස්සාවේල්ල මහරෝහලේ නවීකරණය කළ ළමා වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG