Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයේ ජනතාව හා ආරක්ෂක අංශ අතර අද දිනයේත් ගැටුම්  

Add comments

ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයේ ජනතාව හා ආරක්ෂක අංශ අතර අද දිනයේ ද ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.  මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියා , මියන්මාර දේශසීමාව අසල පිහිටා ඇති නාගලන්ත ප්‍රාන්තයේ විශේෂ මෙහෙයුමකට එක්ව සිටි භට පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කැරළිකරුවන් පිරිසක් පලායන බවට ලද තොරතුරක් අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා. එම කැරළිකරුවන් පලායන මෝටර් රථ ලෙස සලකා හමුදාව වෙඩිතබා ඇත්තේ සිවිල් වැසියන් ගමන් කළ මෝටර් රථයකටයි. සාමාන්‍ය වැසියන් මියයාමත් සමග ප්‍ර දේශවාසීන් හා හමුදාව අතර ගැටුමක් හටගත්තා. එම ගැටුම් අතරතුරදී සාමාන්‍ය වැසියන් අට දෙනෙකු හා හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ වනවිටත් දෙපාර්ශවය අතර ගැටුම් පවතින බවයි වාර්තා වන්නේ.

 

The post ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයේ ජනතාව හා ආරක්ෂක අංශ අතර අද දිනයේත් ගැටුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG