මුලතිව් මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා. තවත් දෙදෙනෙකු රළ පහරට හසුව අතුරුදන්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
වව්නියාව ප්‍රදේශයේ සිට මෙම තරුණයින් තුන් දෙනා මුලතිව් මුහුදු තීරයේ දිය නෑමට ගොස් තිබෙන්නේ ඊයේ සවස් කාලයේයි. දිය නාමින් සිටියදී එක් අයෙකු රළ පහරට හසුව මිය ගොස් ඇති අතර ඔහු වව්නියාව මදවයිත්තකුලම් ප්‍ර දේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ සිරුර මේ වනවිට සොයාගෙන ඇති අතර සෙසු තරුණයින් දෙදෙනා සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මුලතිව් මුහුදු තීරය දැඩි රළු ස්වභාවයක් ගැනීම හේතුවෙන් එම මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
The post මුලතිව් මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment