Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පකිස්ථානය සමඟ පැවති සටන් විරාමයෙන් තලෙයිබාන් සංවිධානය ඉවත් වෙයි  

Add comments

පකිස්ථාන රජය සමග ඇති කරගෙන තිබූ සටන් විරාමයෙන් තලෙයිබාන් සංවිධානය ඉවත් වන බව එම සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

මසක කාලයක් ක්‍රියාත්මක වූ සටන් විරාමය දීර්ඝ කිරීමට තමා අදහස් නොකරන බවයි තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කරන්නේ. අත්අඩංගුවේ පසුවන තලෙයිබාන් සටන්කාමීන් 102 දෙදෙනෙකු නිදහස් කිරීමට පකිස්ථාන රජය අපොහොසත් වීම සටන් විරාමයෙන් ඉවත් වීම සදහා හේතු වී ඇති බවයි තලෙයිබාන් සංවිධානය පෙන්වා දෙන්නේ. පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තලෙයිබාන් සංවිධානය සමග සාකච්ඡාවට එළඹුනේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදීයි.

දැවැන්ත හමුදා මෙහෙයුමකින් මර්දනය කිරීමට පෙර පකිස්ථාන තලෙයිබාන්වරුන් රට පුරා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සහ පැහැරගැනීම් රැසක් සිදුකළා.

 

 

 

 

 

 

 

The post පකිස්ථානය සමඟ පැවති සටන් විරාමයෙන් තලෙයිබාන් සංවිධානය ඉවත් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG