චීන මහජන සමූහාණ්ඩුව සහ නිකරගුවා ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව යළි ආරම්භ කෙරේ.
දෙරට 10වැනිදා චීනයේ Tianjin නගරයේදී ‘චීන මහජන සමූහාණ්ඩුව සහ නිකරගුවා ජනරජය රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව යළි ගොඩනැගීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය’ට අත්සන් තැබීය. ඒඅනුව, අද සිට තානාපති මට්ටමෙන් අන්‍යෝන්‍ය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව මත එකිනෙකාට ගරු කිරීම, එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, සමානාත්මතාවයේ රැඳීසිටීම, අන්‍යෝන්‍ය ලෙස ප්‍රතිලාභ සැලසීම මෙන්ම සාමකාමී ලෙස ඇසුරු කිරීම යන මූලධර්මයන් පදනම් කරගනිමින් මිත්‍ර සබඳතාව වැඩි දියුණු කිරීමට දෙරට එකඟතාවකට එළඹ තිබේ.
එමෙන්ම, ලෝකයේ ඇත්තේ එකම චීනයක් පමණක් බව නිකරගුවා ජනරජය පිළිගනී. තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන්කළ නොහැකි කොටසකි. තායිවාන ප්‍රදේශය සමග පැවති ‘රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව’ නිකරගුවා රජය අද සිට නතරකර ඇති අතර, තායිවාන ප්‍රදේශය සමග කිසිදු නිල සබඳතාවක් නොපැවතීමට ප්‍රතිඥාදීඇත.
ඊයේ(10) පස්වරුවේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසුවේ චීනය හා නිකරගුවාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව යළි ආරම්භ කිරීම, දේශපාලන තීරණයක් මිස කේවල් කිරීමක් නොවන බවයි. නිකරගුවාව ‘එකම චීනය’ යන මූලධර්මය පිළිගැනීමේ පදනම මත දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව යළි ආරම්භ කර තිබේ. නිකරගුවාවේ ස්ථාවරය චීනය ඉහළින් අගය කරන බවද Wang Wenbin මහතා කියා සිටියේය.
The post චීන මහජන සමූහාණ්ඩුව සහ නිකරගුවා ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ඇරඹේ appeared first on ITN News.
Post a Comment