පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය තවදුරටත් විමර්ෂණ සිදු කරනවා.
මෙතෙක් කළ විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ මේ ප්‍රහාර මාලාව දිගු කලක සිට ඉතා සැලසුම් සහගතව සිදු කර ඇති බවයි.
මෙරට තුළ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී සංවිධාන 11 ක් මේ වන විට තහනම් කර තිබෙනවා. අන්තවාදීන්ගේ දේපොළ රාජසන්තක කෙරුණු අතර පවරා ඇති නඩු සංඛ්‍යාව 11 ක්. චූදිතයන් සංඛ්‍යාව 46 ක් පමණ වනවා.
ජාතික තව්හිද් ජමාද් සංවිධානය 2017 වසරේ සිටම මේ සදහා සූදානම් වී තිබෙනවා. එම වසරේ මාර්තු 10 වනදා කාත්තන්කුඩි අලියාර් හන්දිය අසලදී සහරාන් හෂීම් පාර්ශ්වය සහ ඉස්තිහද්දි අහ්ලුල් සුන්නතුල් වල් ජමාත් පාර්ශ්වය අතර ගැටුමක් ඇති වි සහරාන් හෂීම් ප්‍රදේශයෙන් පළායාම ඊට එක් උදාහරණයක්.
ඉන් පසු කාත්තන්කුඩියේ නිවසකට සහ යහපාලනය සදහා වූ ජාතික පෙරමුණ කාර්යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාර කාලබෝම්බ බවට හෙළි වුණා. නුවරඑළිය ශාන්තිපුර පුහුණු කදවුරකට පොලීසිය පැමිණ පරීක්ෂා කළේ 2018 මැයි 7 වනදායි. එම වසරේම මොහොමඩ් රිල්වාන් කාත්තන්කුඩියේ දී පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමේදී තුවාල ලැබීම මෙන්ම 2018 නොවැම්බර් 30 වනදා වව්නතිව් පොලිස් මාර්ග බාධකයේදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීමද මීට අදාළ සිද්ධීන්.
එම වසරේම දෙසැම්බර් 25 සහ 26 යන දිනවලයි මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි සිදු කළේ. අන්තවාදීන් සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් සදහා සුදානම් වූ බවට තවත් සාක්ෂියක් වන්නේ වනාතවිල්ලුවේදී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් සියයක්, ඩෙටනේටර් සියයක් සහ රසායනික ද්‍රව්‍ය සමග හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි.
මාවනැල්ල ධනාගමදී තස්ලිම් මොහොමඩ් යන අයට වෙඩි තබා ඝාතනය කිරිමට උත්සාහ කෙරුණා. 2019 අප්‍රේල් 16 වනදා කාත්තන්කුඩි පාලමුනේ ප්‍රදේශයේදී යතුරුපැදියක් පුපුරුවා හැරුනා. මෙම සිද්ධි දාමයේ උච්ඡතම අවස්ථාව වුයේ 2019 අප්‍රේල් 21 වනදා සිදු කෙරුණු පාස්කු ප්‍රහාර මාලාවයි. මෙම ප්‍රහාර මාලාවේ ප්‍රධාන ස්වයංඝාතක සහරාන් හෂීම්ගේ සහෝදරයා වනමොහොමඩ් රිල්වාන් සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී ස්වයං ඝාතක ප්‍රහාරයක් එල්ල කළේ අප්‍රේල් 26 වනදායි.
මෙම ප්‍රහාරයෙක් කුඩා දරුවන් ඇතුළු 16 දෙනෙකු මිය ගියා. සහරාන් හෂීම්ගේ බිරිද සහ දරුවෙකු බරපතල තුවාල ලැබුවා. ඉන් පසුව සිදු කළ විමර්ශනවලදී 2009 නොවැම්බර් 1 6 වන විට ප්‍රහාරයට සෘජුව සම්බන්ධ සහ ආධාර අනුබල දුන් 152 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
අන්තවාදීන්ගේ පුහුණු වැඩමුළුවලට සහභාගි වූ 53 දෙනෙකුද කොටු කර ගත්තා. එම විමර්ශනවලින් හෙළි කර ගත් තොරතුරු අනුව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජාතික තව්හිද් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තහනම් කෙරුණා. 2019 නොවැම්බර් 16 වනදා සිට පසුගිය සැප්තැම්බර් 14 වනදා දක්වා සිදු කළ විමර්ශනවලදී තවත් සැකකරුවන් 116 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.
දුරකතන විශ්ලේෂණවලට අනුවද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෙම විමර්ශනවලින් හෙළි වූයේ සහරාන් හෂීම්ගේ ඥාතියෙකු වූ නව්ෆර් මව්ලවි යන අය 2016 වසරේ සිටම අන්තවාදී සහ අයි එස් අයි එස් මතවාදය සහරාන් හෂීම්ට ලබා දි ඇති බවයි. ඒ අනුව මෙහි ප්‍රධාන සැකකරු නව්ෆර් මව්ලවි බවට සාක්ෂි මගින් තහවුරු වුණා.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින් සහ අන්තවාදී ක්‍රියාකාරකම්වල නිරත වූවන් දිගු කලක සිට නිරන්තර සබදතා පවත්වා ඇති බවයි තහවුරු වී ඇත්තේ. ඔවුන් වසරක් තුළ පුහුණු සැසිවාර 16 ක් පවත්වා තිබෙනවා. අන්තර්ජාල දුරකතන යෙදවුම්වලට අමතරව ජංගම දුරකතන සම්බන්ධතා 27 ක් භාවිත කර තිබෙනවා.
අන්තවාදීන්ගේ පෙන්ඩ්‍රයිව් එකකින් හෙළිවූයේ ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරිම සදහා දිවුරුමක්ද දී ඇති බවයි. ප්‍රහාරවලට අදාළව සහරාන් හෂීම්ගේ ප්‍රකාශයක්ද එහි සටහන්ව තිබුණා.
තවදුරටත් සිදු කළ පරීක්ෂා කිරීම්වලදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් වෙත මූල්‍ය පහසුකම් සැපයීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනුණා. විදේශීය බුද්ධි හා විමර්ශන ආයතන මගින්ද තොරතුරු ලබා ගැනුණා.
The post පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ගේ තොරතුරු රැසක් එළියට appeared first on ITN News.
Post a Comment