දෙහිවල ජාතික සත්වෝදන්‍යානයේ හිපපොටේමස් සතුන් සදහා අලුතින් ඉදිකෙරුණු හිපපොටේමස් අරණ මහජනතාව සදහා විවෘත කෙරුණා.
ඒ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශිරෝමි රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
රුපියල් මිලියන 67 ක වියදමින් මෙම හිපපොටේමස් අරණ ඉදිකිරීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ පර්චස් 60ක භූමි ප්‍ර දේශයකයි. අප්‍රිකා කලාපය නිජබිම් කරගත් හිපපොටේමස් සත්ව විශේෂ දෙකක් දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කරනවා. නයිල් හිපපොටේමස් සහ කුරු හිපපොටේමස් එම සත්ව විශේෂ දෙකයි. මෙම හිපපොටේමස් සතුන්ගේ ආයු කාලය වසර 40ක් බවයි සත්වෝද්‍යාන නිලධාරීන් සදහන් කළේ. හිපපොටේමස් මවක් වසරකට එක් පැටවෙකු බිහිකරනවා. අලුතින් ඉදිකරන ලද හිපපොටේමස් සත්ව අරණ තුළ නයිල් හිපපොටේමස් සතුන් 5 දෙනෙකු සිටින අතර මව පියා සහ පැටවුන් තුන්දෙනායි එලෙස රදවා ඇත්තේ. මෙම පැටව් තිදෙනාම උපත ලබා ඇත්තේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුලයි.
මෙම හිපපොටේමස් සතුන් චෙක් ජනරජයේ ප්‍රාග් සත්වෝද්‍යානයේ සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරටට ගෙන්වා තිබෙනවා.
The post දෙහිවල හිපපොටේමස් අරණ දැන් විවෘතයි appeared first on ITN News.
Post a Comment