Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානයේදී ඝාතනය කළ ශ්‍රී ලාංකිකයාගේ දේහය සඳුදා මව්බිමට  

Add comments

අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ලබන සදුදා පාකිස්ථානයේ සිට දිවයිනට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවයි පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා සදහන් කළා.

මේ අතර මෙම අමානුෂික ඝාතන සිද්ධියේ මහ මොළකරු ඇතුළු සැකකරුවන් සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව පකිස්ථානයේ පන්ජාබ් පොලිසිය සදහන් කළා. ශ්‍රී ලාංකිකයා ඝාතනයට ලක් කිරීමේ දිනය පකිස්ථානයට ලැජ්ජා සහගත දිනයක් බවයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ.

පකිස්ථානයේ සියල්කෝට්හි කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කර සිරුර පුළුස්සා ඇත්තේ ඉස්ලාමීය අන්තවාදී මත දරන්නන් විසින් බව අනාවරණය වී තිබෙනවා. අන්තවාදී සංවිධානයක් වන ටී එල් පී හෙවත් ටෙහෙරික් ඊ ලබ්බයික් පකිස්ථාන් වෙත ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. සිද්ධියට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට පැමිණවීම සදහා තමා පෞද්ගලිකව මැදිහත්වී කටයුතු කරන බවට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රතිඥා දී තිබෙනවා. ශ්‍රී ලාංකික කළමනාකරුට එල්ලවූ ප්‍රහාරය ඉතා බිහිසුනු මෙන්ම එය තමන් දැඩි සේ හෙලා දකින බවයි තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සදහන් කර සිටින්නේ.

ශ්‍රී ලාංකික කළමනාකරුවා සිය කාර්යාලයේ අලවා තිබූ ආගමික පෝස්ටරයක් ගලවා දමන අවස්ථාවක් සේවකයන් දෙදෙනෙකු දැක එය අනෙක් පිරිස අතර පතුරුවා හැරීමෙන් මෙම කලහකාරී තත්ත්වය ඇතිවී තිබෙනවා.

ප්‍රියන්ත කුමාර මහතා ගනේමුල්ල, වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්. සිද්ධිය සැලවීමෙන් පසු පවුලේ ඥාතීන් දැඩිලෙස කම්පනයට පත්ව සිටිනවා.

අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් ද ප්‍රියන්ත කුමාර මහතාගේ පෞද්ගලික නිවස වෙත ගොස් ඥාතීන් වෙත සිය සංවේගය ප්‍රකාශ කළා.

 

The post පාකිස්ථානයේදී ඝාතනය කළ ශ්‍රී ලාංකිකයාගේ දේහය සඳුදා මව්බිමට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG