වැලි කුණාටු තත්ත්වයක් හේතුවෙන් අමෙරිකාවේ නෙබ්‍රසාකා සහ මිනසෝටා ප්‍රාන්තවලට බලපෑම් එල්ල වී තිබෙනවා.
දැඩි සුළං සහිත උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් වැලි කුණාටුව ප්‍රදේශ ගණනාවක පැතිර ගිය බවයි ප්‍රාන්ත කාලගුණික අංශ දැනුම් දී තිබෙන්නේ. මිනසෝටා ප්‍රාන්තය හරහා හමා ගිය සුළගේ වේගය පැයට කිලෝමීටර් 161 ක් ලෙස වාර්තා වුණා. නිවාස ලක්ෂයක පමණ විදුලි සැපයුමට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා. රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා. ඉදිරි පැය කිහිපය තුළ සුළං තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවටයි ප්‍රාන්ත කාලගුණික අංශ අනතුරු අඟවන්නේ.
The post වැලි කුණාටු හේතුවෙන් අමෙරිකාවේ නෙබ්‍රසාකා සහ මිනසෝටා ප්‍රාන්තවලට බලපෑම් appeared first on ITN News.
Post a Comment