Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2023 අවසන් වනවිට තවත් මෙගාවොට් 30.5ක් ජාතික පද්ධතියට එක් වෙයි  

Add comments

මහවැලි ගඟ ආශ්‍රයෙන් ක්‍රියාත්මක කරනු ලබන අවසන් මහා පරිමාන ජල විදුලි ව්‍යාපෘතිය වන මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සොයා බැලීම සදහා සුර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මේ වන විට ක්‍රියාත්මක මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතිය කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇති වූ ප්‍රායෝගික ගැටලු නිම කිරීමට බලාපොරොත්තූ වූ කාලයට අවසන් කිරීමට නොහැකි වූවත් අවසන් අදියර කීපයේ පවතින ව්‍යාපෘතිය ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කර එය 2023 වසර අවසන් වීමට ප්‍රථම ජාතික පද්ධතියට එක් කිරීමට ඉතා විශාල සේවයක් කරනු ලබන නිලධාරී මහත්ම මහත්මීන්ටත් අනෙකුත් සේවක මහත්ම මහත්මීන්ටත් අමාත්‍යවරයා අවශ්‍ය දිරිගැන්වීම ලබාදුන්නේය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් සොයාබලා ඒ සඳහා විසඳුම් ලබාදීමට එළඹෙන 12 වැනි දින විශේෂ සාකච්ඡාවක් සඳහා අදාළ පාර්ශව සියල්ල කැදවීමටද තීරණය විය.

වර්ෂ 2021/01/16 වැනි දින ආරම්භ කල ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 30.5 ක නිෂ්පාදන ධාරිතාවයකින් යුක්තය. ගිගාවොට් පැය 100.5 විදුලි ජනනයක් වාර්ශිකව ජාතික පද්ධතියට එක්කරනු ලබයි. ව්‍යාපෘතිය සදහා ඇ⁣මෙරිකානු ඩොලර් මිලියන 134.62 ක මුදලක් වැයවන අතර මහවැලි ගඟ හරස් කර ඉදිකරනු ලබන මීටර් 237 ක් දිගින් හා මීටර් 37 ක උසින් යුත් ජලාශ වේල්ල මගින් හෙක්ටයාර් 38.5 ක ජලාශ වපසරියක් ලබාදෙනු ලැබේ. එම ජලය කිලෝමීටර් 2.7 ක් දුර උමගක් හරහා ජනන යන්ත්‍ර වෙත ගෙන ඒමෙන් මෙගාවොට් 30.5 ක ජල විදුලි නිෂ්පාදනයක් ලබාදෙනු ලැබේ.

මෙම අවස්ථාවට සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘතිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුලක්ශන ජයවර්ධන මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරූ ජයරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.

The post 2023 අවසන් වනවිට තවත් මෙගාවොට් 30.5ක් ජාතික පද්ධතියට එක් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG