Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් ස්ථානවල පරිසර අංශ සඳහා පාපැදි ලබාදීමේ වැඩපිළිවෙල ඇරඹෙයි  

Add comments

පොලිස් ස්ථානවල පරිසර අංශ සඳහා පාපැදි ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ වුණා.

පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පරිසර නිලධාරීන්ගේ පහසුව උදෙසා ඔවුන්ට පාපැදි ලබාදීමට තීරණය කෙරුණා. එහි සමාරම්භක උත්සවය තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වුණා. ඒ පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් නගර අලංකරණය කර මහජන පීඩා අවම කිරීම පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අරමුණයි.

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ක් සදහා පාපැදි ලබාදීම සමාරම්භක උත්සවයේදී සිදුකෙරුණා.

 

 

 

The post පොලිස් ස්ථානවල පරිසර අංශ සඳහා පාපැදි ලබාදීමේ වැඩපිළිවෙල ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG