Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24 ට රටවල් 222 කින් ආසාදිතයින් ලක්ෂ විස්සකට ආසන්න සංඛ්‍යාවක් හමුවෙයි  

Add comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 222 කින් කොරෝනා වයිරස ආසාදිතයින් ලක්ෂ විස්සකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හාරදහස් නවසිය අසූහතක්.

ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව තිබෙන්නේ ඇමෙරිකාවෙන්. ගතවූ පැය 24 ට එරටින් හමුවූ වයිරස ආසාදිතයින් තුන්ලක්ෂ අසූනව දහස්පන්සිය පනස් තුන්දෙනා සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හයකෝටි හැත්තෑ හයලක්ෂය ඉක්මවා ගියා. එමෙන්ම ඉන්දියාවෙන් දෙලක්ෂ විසිදෙදහසක් ද ස්පාඤ්ඤයෙන් එක්ලක්ෂ දසදහසක් ද ප්‍රංශයෙන් හා ආර්ජන්ටිනාවෙන් එක්ලක්ෂ දෙදහස බැගින් ද ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තිස්තුන් කෝටි දහතුන් ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් පන් ලක්ෂ හැට තුන්දහස් හාරසිය විසිපහක්.

 

 

 

 

The post ගතවූ පැය 24 ට රටවල් 222 කින් ආසාදිතයින් ලක්ෂ විස්සකට ආසන්න සංඛ්‍යාවක් හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG