Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් රටකින් ගෙන්වූ පාර්සලයක් විවෘත කිරීමෙන් පසු චීන කතකට ඔමික්‍රෝන් වැළ‌ඳේ  

Add comments

විදෙස් රටවලින් භාණ්ඩ අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස බලධාරීන් බීජිං නගරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

බීජිං නගරයේ කාන්තාවක් විදෙස් රටකින් ගෙන්වූ පාර්සලයක් විවෘත කිරීමෙන් පසු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසුවයි බලධාරීන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ. එම කාන්තාව කිසිදු විදෙස් රටක සංචාරය කර නොමැති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ඇයට ලැබුණු පාර්සලයේ තිබී වයිරසය හමුවී ඇති බවද සදහන්. ශීත කළ ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය සමග වයිරසය ව්‍යාප්තවිය හැකි බවට විශේෂඥයින් මත පළකරනවා. ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය ලබන පෙබරවාරි මාසයේ දී බීජිං නගරයේ දී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති පසුබිමකයි බීජිං නගරයෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුවූයේ. ඒ හේතුවෙන් තරග නැරඹීම සදහා ජනතාවට අවසරපත් අලෙවි නොකිරීමට ද බලධාරීන් තීරණය කර තිබෙනවා.

 

 

The post විදෙස් රටකින් ගෙන්වූ පාර්සලයක් විවෘත කිරීමෙන් පසු චීන කතකට ඔමික්‍රෝන් වැළ‌ඳේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG