Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික ශීත කාලගුණයෙන් ඇමෙරිකාවට සහ කැනඩාවට බලපෑම්  

Add comments

ඇමෙරිකාවට හා කැනඩාවට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වෙලා කියල විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ලක්ෂ ගණනක පිරිසකට විදුලි බලය ඇණහිට ඇති අතර ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කරන්නත් බලධාරීන් පියවර අරන්.

අධික ශීත කාලගුණය හේතුවෙන් ඇමෙරිකාවේ හා කැනඩාවේ මිලියන 80 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා. අධික හිම හා අයිස් පතනය සමඟ ගමනාගමනය ඇණහිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමෙරිකාවේ වර්ජනියා , ජෝර්ජියා , උතුරු හා දකුණු කැරොලයිනා යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඇතැම් ප්‍රදේශවලට සෙන්ටිමීටර් 30 ක් තරම් උසට හිම පතනයක් සිදුව ඇති බවයි ඇමෙරිකාවේ ජාතික කාලගුණික සේවය නිවේදනය කරන්නේ. රිය අනතුරු සිය ගණනක් සිදුව ඇති බවද සඳහන්.

 

 

The post අධික ශීත කාලගුණයෙන් ඇමෙරිකාවට සහ කැනඩාවට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG