අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසනවා.
රත්මලාන ගුවන්තොටුපොළ ආසන්නයේ සිටි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔහු බද්දේගම, පිටිගල, ඇල්පිටිය හා තෙලිකඩ යන පොලිස් වසම්වලදී අපරාධ රැසක් සිදු කර ඇති බව හෙළි වුණා. තලාව සණස බැංකුව බිද රුපියල් නවලක්ෂ පනස් හතරදහස් අනූහතරක මුදලක් සොරකම් කිරීමටද ඔහු සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ. මත්තක සමෘද්ධි බැංකුව හා ඇල්පිටිය ඇත්කදුර සණස බැංකුව බිද මුදල් සහ දේපල සොරකම් කිරීමේ සිද්ධීන්වලටද ඔහු සම්බන්ධ බව පොලිසිය සදහන් කරනවා. සැකකරු බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
The post අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment