ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 222කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 8037ක්.
ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඇමෙරිකාවේ. ආසාදිතයින් පන්ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් හා කොරෝනා මරණ 1,720 ක් ගතවූ පැය 24 ට ඇමෙරිකාවෙන් වාර්තා වනවා. ප්‍රංශයෙන් දෛනිකව වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හමුවී ඇත්තේ ඊයේ දිනයේදීයි. එම සංඛ්‍යාව 464,769 ක්. ඉන්දියාවෙන් දෙලක්ෂ හැත්තෑ හත්දහසක් ද ඉතාලියෙන් දෙලක්ෂ විසිඅට දහසක් ද බ්‍රසීලයෙන් එක්ලක්ෂ තිස්දෙදහසක් ද ආර්ජන්ටිනාවෙන් එක්ලක්ෂ විසිදහසක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමඟම ලොව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව තිස්තුන් කෝටි පනස් දෙලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,573,433ක්.
The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment