Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන කොමියුනිස්ට් පක්ෂයේ විස්තීර්ණ හා දැඩි පාලනය ගැඹුරු ලෙස ප්‍රවර්ධනය කළ යුතුයි –  චීන ජනපති  

Add comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ විනය කමිටුවේ හයවැනි පූර්ණ සැසිය අමතමින් වැදගත් දේශනයක් සිදු කර තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම යුධ කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා ඊයේ (18) චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ විනය කමිටුවේ හයවැනි පූර්ණ සැසියේදී වැදගත් දේශනයක් පැවැත්වීය. පක්ෂයේ වසර100ක අරගලයේ ඓතිහාසික අත්දැකීම් සම්පිණ්ඩනය කර ප්‍රයෝජනයට  ගනිමින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මධ්‍යගත හා එක්සත් නායකත්වයට අනුගත විය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

පක්ෂය තමන්ගේම කළමනාකරණය හා ගොඩනැගීම ශක්තිමත් කරමින් විස්තීර්ණව හා දැඩි ලෙස පාලනය කළ යුතු අතර පක්ෂයේ සහ රාජ්‍ය අධීක්ෂණ ක්‍රමය වැඩිදියුණු කර පක්ෂයේ විස්තීර්ණ හා දැඩි පාලනය අඛණ්ඩ ගැඹුරු ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

The post චීන කොමියුනිස්ට් පක්ෂයේ විස්තීර්ණ හා දැඩි පාලනය ගැඹුරු ලෙස ප්‍රවර්ධනය කළ යුතුයි –  චීන ජනපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG