ඉදිරි දින කිහිපය සදහා අඛණ්ඩ විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වුණා. කොහොම වුනත් එහිදී IOC සමාගම අවශ්‍ය ඉන්ධන ලබාදීමට එකගතාවයක් පළකර තිබුණේ නැහැ.
කොළඹ වරායේ ඇති ලංකා ඛණිජතෙල් සංස්ථාවට අයත් තෙල් නෞකාවක් නිදහස් කර ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහ බැංකුව තිරණය කළ බවයි ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව තෙල් නෞකාව වරායෙන් නිදහස් කරගන්නේ නම් ඛණිජ තෙල් සංස්ථාව සතුව දැනට පවතින තෙල් විදුලි ජනනය සදහා ලබා දීමට බලශක්ති අමාත්‍යවරයා එකගතාව පළකර තිබෙනවා.
විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් ලබා දීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු කිරීම හේතුවෙන් අද දක්වා විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. කෙසේ වෙතත් අද දිනය වන විට එම ඩීසල් ප්‍රමාණය අවසන් වනවා. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව මුහුණ දි සිටින දැඩි විදේශ විනිමය අර්බුදය හමුවේ ප්‍රවාහනය හා කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම සදහා ඩොලර් සොයා ගැනීමට අසීරු තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි. එබැවින් අවශ්‍ය ඩොලර් සපයන්නේ නම් ඉන්ධන ආනයනය කර ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන්ධන සැපයීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයෙන් රුපියල් කෝටි 900ක මුදලක් ණය වශයෙන් ලැබිය යුතු බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. මෙවන් පසුබිමක් යටතේ ලබන 22 දක්වා විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ඩීසල් ලබා ගැනීම සදහායි අද දිනයේදී තීරණාත්මක සාකච්ඡාව පැවැත්වුණේ. IOC සමාගම සමග පැවැත්වූ මෙම සාකච්ඡාවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ද එක්වුණා. නමුත් මෙහිදී IOC සමාගම ප්‍රකාශ කර තිබුණේ මේ මොහොතේ දී ඔවුන් සතුව වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් නොමැති බවයි. එම නිසා IOC සමාගමෙන් විදුලි ජනනය සදහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට මෙහිදී එකගතාවය පළවී නැහැ. මේ නිසාම කොළඹ වරායේ ඇති ලංකා ඛණිජතෙල් සංස්ථාවට අයත් තෙල් නෞකාවක් නිදහස් කර ගැනීමට මහ බැංකු අධිපතිවරයා සමග ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අනුව අද පස්වරුව වන විට එම නෞකාව නිදහස් කර ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට මහ බැංකුව තිරණය කළ බවයි ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව තෙල් නෞකාව වරායෙන් නිදහස් කර ගැනීමට කටයුතු කරන්නේ නම් ඛණිජ තෙල් සංස්ථාව සතුව දැනට පවතින තෙල් විදුලි ජනනය සදහා ලබා දීමට එකගතාවය පළවූ බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් හදිසි විදුලි බිදවැටීමක් සිදුවුවහොත් එය සිදුකරන වෙලාවන් සම්බන්ධ කාලසටහනක් සකස් කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් පැයක් හෝ පැය එකහමාරක් විදුලිය කැපීමට සිදුවන බවයි ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා අධිකරණ තීන්දුවට පටහැනිව යමින් හිතුමනාපයට විදුලිබල මණ්ඩලයට පත්කළ නව සාමාන්‍යාධිකාරීවරයා තනතුරෙන් ඉවත් කරන්නැයි බලකරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුනා
ඒ අනුව ඉදිරියේදී ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද සාකච්ඡාවක් පැවැත්වුවා.
The post විදුලි කප්පාදු කරනවානම් ඒ සඳහා කාලසටහනක් appeared first on ITN News.
Post a Comment