Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

UPDATE : 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ඇරඹෙයි (LIVE)  

Add comments

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයට වෙත පැමිණියේ ය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපතිවරයා සහ එම ආර්යාව පිළිගනු ලැබිය.

අනතුරුව ජනාධිපතිවරයා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේ මුලසුන හොබවමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කරන ලදී.

9වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය ජනපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සියල්ල සූදානම්

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට මේ වන විට සියල්ල සූදානම්. ජනාධිපතිතුමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙන්නේ අද පෙරවරු දහයටයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට  තොරතුරු ගෙන එන අප නියෝජිත චරිත ධනංජය බමුණුහේන්ද්‍ර.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෙට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඊට පෙර නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය එතුමාගේ උපදෙස් මත ඉතා චාම්ව පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලිද මෙවර පැවැත්වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ජනාධිපතිතුමා පිළිගැනීම සදහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ දායකත්වයෙන් සංස්කෘතිකාංග කිහිපයකින් සමන්විතව ආචාර දැක්වීමක් සිදු කෙරෙනවා.

මන්ත්‍රීවරුන්ගේ පැමිණීමෙන් අනතුරුව කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා පැමිණීමට නියමිතයි. ඉන් පසුවයි ජනාධිපතිතුමා පැමිණෙන්නේ. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අසලදී කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එක්ව ජනාධිපතිතුමා පිළිගැනීමට නියමිතව තිබෙනවා. ඉන් පසුව වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරිවරුන් පෙරටු කරගත් කතානායකවරයා සහ මහලේකම්වරයා ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවාගෙන යනු ඇති. පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අභියසදී ශ්‍රී ජයවර්ධනපුර ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිතුමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු සභාව කල් තැබිම සිදු වනවා. ඒ රජය ගෙන එන යෝජනාවකට අනුවයි. මෙම උත්සවය පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සදහන් කරන්නේ.

 

 

The post UPDATE : 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ඇරඹෙයි (LIVE) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG