ගෝලීය කොරෝනා ආසාදිත සංඛ්‍යාව කෝටි තිහ ඉක්මවා ගියා.
ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත සංඛ්‍යාව තිස් කෝටි අටලක්ෂ හැත්තෑ එක් දහස් පන්සිය හැත්තෑ අටක් ලෙසයි වල්ඩෝමීටර් වෙබ් අඩවිය සදහන් කරන්නේ. ගතවූ පැය 24 තුළ ඉහළම කොරෝනා ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව හත්ලක්ෂ පනස් එක් දහස් පන්සිය දොළහක්.
මේ අතර ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව මාස 7කට පසු ලක්ෂය ඉක්මවා ගිය බව වාර්තා වුණා. ඉන්දියාවේ දෛනික ආසාදිත සංඛ්‍යාව පසුගිය දින දෙක තුළ පමණක් සියයට 56කට වැඩි ඉහළ යාමක් පෙන්නුම් කළ බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.
The post ගෝලීය කොරෝනා ආසාදිත සංඛ්‍යාව කෝටි 30 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment