බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා දුම්රිය භාවිත කිරීමේ හැකියාව පිළිබද සොයා බැලීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඌව පළාතේ දුම්රිය ස්ථාන නිරීක්ෂණය කළා.
ඔහිය, ඉදල්ගස්හින්න, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල දෙමෝදර, බදුල්ල යන දුම්රිය ස්ථානවල පවතින පහසුකම් පිළිබද මෙහිදි සොයා බලා තිබෙනවා. මෙම නිරීක්ෂණ චාරිකාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික මේජර් සුදර්ශන දෙනිපිටිය, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර යන මහත්වරුන් එක්වුණා. අප්‍රේල් මාසය වන විට නුවරඑළිය වසන්ත සැණකෙළිය ආරම්භ වීමට පෙර මෙම දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේ කටයුතු අවසන් කිරීමට නියමිතයි.
සංචාරක අමාත්‍යාංශය සහ ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. දෙස් විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට ගෙන්වා ගැනීමද මෙමගින් අපේක්ෂා කෙරෙනවා.
The post නුවරඑළිය වසන්ත සැණකෙළියට පෙර බදුල්ලේ දුම්රිය ස්ථාන හැඩ වෙයි appeared first on ITN News.
Post a Comment