Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇළහැර ප්‍රාදේශීය ලේම් කොට්ඨාසයේ මැණික් ඉඩම් සඳහා බලපත්‍ර 300ක්  

Add comments

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශීය ලේම් කොට්ඨාසයේ මැණික් ඉඩම් සදහා බලපත්‍ර 300 ක් ලබාදීම සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදිම සදහා පැවති ජනපති ගම සමග පිළිසදර වැඩසටහනේදී කළ ඉල්ලීමකට අනුවයි බලපත්‍ර ලබාදීම සිදු කෙරුණේ. ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව කිරිඔය හා අතරගල්ලෑව ප්‍රදේශයේ සිදුකරන මැණික් ගැරීමේ ඉඩම් සදහා නීත්‍යානුකූල ක්‍රමවේද සකස් කරදෙන ලෙස එම ජනතාව ඉල්ලා සිටියා.

ඒ අනුවයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක එකමුතුවෙන් මැණික් ගැරීම සදහා ඉඩම් බලපත්‍ර ලබාදීමේ ජංගම සේවාවක් බකමූණ ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාර පරිශ්‍රයේදී පැවැත්වුණේ. එහිදී ඉඩම්ලාභීන් 300 දෙනෙකු සදහා බලපත්‍ර ලබාදීම සිදු කෙරුණා.

 

The post ඇළහැර ප්‍රාදේශීය ලේම් කොට්ඨාසයේ මැණික් ඉඩම් සඳහා බලපත්‍ර 300ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG