Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ආරක්ෂක ලේකම්ට කොරෝනා ආසාදනය වෙයි  

Add comments

ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් හට වයිරසය ආසාදනය වුවද ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ. ඉදිරි දින පහක කාලය සදහා ඔහු නිවසේ සිට නිරෝධායනයට යොමු කර තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා අවසන් වරට ජනාධිපති ජෝ බයිඩ්න් හමු වී ඇත්තේ පසුගිය දෙසැම්බර් 21 වන දිනයි. මේ අතර දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඇමෙරිකාවේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අවදානමකට මුහුණ පා ඇති බව බෝවන රෝග පිළිබද විශේෂඥයෙකු වන වෛද්‍ය ඇන්තනී ෆවුසි සදහන් කරනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතල සංකූලතා ඇති නොකළද රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම බරපතල ගැටලු මතු කරන බවයි ඔහු පවසන්නේ. ගත වූ පැය 24 ට පමණක් ඇමෙරිකාවෙන් වයිරස ආසාදිතයින් එක්ලක්ෂ අසූපන්දහසකට අධික සංඛ්‍යාවක් හමු වූ අතර ඒ සමගම එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පන්කෝටි හැටඑක් ලක්ෂය ඉක්මවා ගියා.

 

 

 

The post ඇමෙරිකා ආරක්ෂක ලේකම්ට කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG