Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙම වසරේ මුල් දින 5 තුළදී ඩෙංගු රෝගීන් 1227ක් වාර්තා වෙයි  

Add comments

උණ රෝගය වැළදුනු කෙනෙකු කොවිඩ් යැයි සිතා ප්‍රතිකාරවලට යොමුවීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඩෙංගු අවදානම වැඩිවෙන්න පුළුවන් කියලා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා.

ඩෙංගු අවදානම ද ඉහළ යමින් පවතින බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටින්නේ.

මෙම වසරේ මුල් දින 5 තුළදී ඩෙංගු රෝගීන් 1227 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරන්නේ. වසර 20 කට පෙර මෙරට ඩෙංගු රෝගය වැළදුනු අයගෙන් මිය ගිය පිරිස  10% ක් දක්වා ඉහළ අගයක් ගෙන තිබෙනවා. වර්තමානය වන විට එම ප්‍රතිශතය සියයට දශම එකක් දක්වා අවම කිරීමට සෞඛ්‍ය අංශයට හැකිවුණා. කෙසේවුවද ඩෙංගු තුන්වන ප්‍රභේද‌ෙය් ව්‍යාප්තියත් සමග රුධිර පට්ටිකා අඩුවීම නිසා රුධිරය වහනය වීම සහ කම්පන තත්ත්වයක් ඇති විය හැකියි. අද වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පෙර කාලවලට වඩා සියයට 30 කින් ඉහළ ගොස් තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ද සියයට 28 කින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

 

 

 

 

The post මෙම වසරේ මුල් දින 5 තුළදී ඩෙංගු රෝගීන් 1227ක් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG