Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි  

Add comments

ඉන්දියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වුණා.

මේ වන විට ඉන්දියාවේ මුබ්බායි සහ නවදිල්ලි ඇතුළු නගර රැසක කෝවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය විසිහතර තුළ එම නගරවලින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව විසිපන්දහස ඉක්මා ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වූයේද මෙවන් පසුබිමකදීයි. මේ අතර ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ බොලිවුඩ් සිනමා උළෙලද ඔමික්‍රොන් ව්‍යාප්තිය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට සංවිධායක කමිටුව තීරණය කළ බව අද නිවේදනය කළා. එම සිනමා උළෙල කල් දැමුණු දෙවන අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

 

 

The post ඉන්දියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG