පෞද්ගලික අංශයේ සේවකයන්ටද රුපියල් 5000 දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
හදිසි සහන පනතක් මගින් මෙම රුපියල් 5000 දීමනාව ලබා දීමට පියවර ගන්නැයි වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී ඉල්ලීමක් කළා. රජය මෙවැනි පියවරක් ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රසාදය පළකලා. පෞද්ගලික අංශයේ හාම්පුතුන් වෘත්තීය සමිති සමග සාකච්ඡා කර පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 5000 දීමනාව ලබාදීම පිළිබද කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන ලෙසට තමන්ට උපදෙස් ලැබී ඇති බවයි සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
The post පෞද්ගලික අංශයේ සේවකයන්ටත් 5,000 දීමනාව ලබා දීම ගැන සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment