පාසල් නිල ඇදුම්වලින් 68% ක් කලාප අධ්‍යාපන කාර්යාල වෙත මේ වන විටත් යවා අවසන් බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
ඉතිරි නිල ඇදුම් රෙදි ප්‍රමාණය ද මේ මස අවසානය වන විට නිකුත් කිරීම අපේක්ෂාව බවයි ඒ මහතා සදහන් කරන්නේ.
මේ වසර සදහා පාසල් නිල ඇදුම් වෙනුවෙන් රෙදි මීටර් එක්කෝටි විසි හය ලක්ෂ අනූ හතර දහසක් අවශ්‍ය බව හදුනාගෙන තිබෙනවා. ඉන් සියයට 68 ක ප්‍රමාණයක් මේ වන විටත් කලාප කාර්යාල වෙත නිකුත් කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සදහන් කළේ, සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
කුමන අභියෝග පැමිණිය ද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු නොකරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා පටු දේශපාලන වාසි ලබාගැනීමට ඇතමුන් ගෙන යන උත්සාහයන් පරාජය කරන බව ද අවධාරණය කළා.
The post පාසැල් නිල ඇදුම් බෙදාහැරීම 68%කින් අවසන් appeared first on ITN News.
Post a Comment