Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 827ක්  

Add comments

ඊයේ දිනයේදීත් කොරෝනා ආසාදිතයන් 800කට වැඩි පිරිසක් හමුවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 6 සිමාවට ආසන්න වී තිබෙනවා.

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 827 දෙනෙකු හදුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව පන්ලක්ෂ අනූනව දහස් තුන්සිය හැට තුනක් දක්වා ඉහළ ගියා. මේ අතුරින් 15,279 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේදී 192නෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 568,829ක් වනවා.

ඊයේ දිනයේ වාර්තාවූ කොරෝනා මරණ 12 ද සමගින් මෙරට සිදුව ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 15,255ක් වනවා.

ගෙවුණු පැය 24ක කාලය තුලදී ලොව පුරා කොරෝනා ආසාදිතයන් 3,551,856 දෙනෙකු හදුනාගත්තා. එම කාලසීමාවේදී සිදුව ඇති මරණ සංඛ්‍යාව 9070ක් වනවා. සුපුරුදුපරිදී ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයන් හා මරණ වාර්තාවන්නේ ඇමෙරිකාවෙන්. පැය 24ක් තුළ එරටින් ආසාදිතයන් 692320 දෙනෙකු හදුනාගත්තා. මරණ 2700ක් සිදුව තිබෙනවා. මේ අනුව ලොව පුරා වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 343059726ක් වනවා. එමෙන්ම කොරෝනා මරණ 5593256ක් සිදුවුණා.

 

 

 

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 827ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG