දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කෙරුණා.
සත්වෝද්‍යානයේ සිටි සතුන් මිය යාම සම්බන්ධයෙන් පරික්ෂණ නොපැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගිනිමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ක්‍රියාත්මක කෙරුණා. කෙසේ වුවද වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සුහද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ තහවුරු කළ නොහැකි හේතු ගෙනහැර දක්වමින් සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි.
කෙසේ වුවද සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියා මාර්ගය අතහැර දැමීමට පියවර ගත් බවයි අදාළ වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ.
The post දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් appeared first on ITN News.
Post a Comment