රුසියාවට ආසන්න යුක්රේන දේශසීමාවේ උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
චන්ද්‍රිකා ඡායාරූප පෙන්වා දෙන ආකාරයට රුසියානු හමුදා ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් යුක්රේන දේශසීමාවේ රඳවා සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. රුසියානු හමුදා යුක්රේන දේශසීමා ආක්‍රමණයට සූදානම් වන බවට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අනතුරු ඇඟවුව ද එය ප්‍රතික්ෂේප කරන බවයි රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කරන්නේ. නේටෝව තවදුරටත් නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීම වැළැක්වීම රුසියාවේ අරමුණ වී ඇති බවයි පැවසෙන්නේ.
The post රුසියාවට ආසන්න යුක්රේන දේශසීමාවේ උණුසුම් තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment