බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල හා පැරාලිම්පික් උළෙලෙන් අනාගතයට දායකවන දෑ පිළිබඳ තොරතුරු නිකුත් කෙරේ
බෙයිජිං 2022 වසරේ ශීත ඍතු ඔලිම්පික් උළෙල හා පැරාලිම්පික් උළෙලෙන් අනාගතයට උරුම වන දෑ පිළිබඳ තොරතුරු නිකුත් කෙරේ.
ඔලිම්පික් උළෙලේ බෙයිජිං සංවිධාන කමිටුව ඊයේ (19) එම තොරතුරු නිකුත් කළේය. ක්‍රීඩා, ආර්ථික, සමාජීය, සංස්කෘතික, පරිසර, නාගරික හා ප්‍රාදේශීය වර්ධන ඇතුළු ක්ෂේත්‍ර 7ක් වෙනුවෙන් එය දායකවනු ඇත.
ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සරු උරුම නිර්මාණය කිරීම, නගරයට හා ජනතාවට දිගුකාලීන මෙන්ම සක්‍රීය ප්‍රතිලාභ ගෙන ඒම, බෙයිජිං 2022 වසරේ ශීත ඍතු ඔලිම්පික් උළෙලේ හා පැරා ඔලිම්පික් උළෙලේ සංවිධාන කටයුතු වල වැදගත් අන්තර්ගතයක් පත්ව ඇත. එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රතිසංස්කරණ ජීවගුණයට ගැලපේ. එමෙන්ම එය සාර්ථකව ඔලිම්පික් උළෙලක් පැවැත්වීමේ වැදගත් සලකුණක් බවට ද පත්වනු ඇත.
The post බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල හා පැරාලිම්පික් උළෙලෙන් අනාගතයට දායකවන දෑ පිළිබඳ තොරතුරු නිකුත් කෙරේ appeared first on ITN News.
Post a Comment