ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ ඊයේ (19) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 485ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු නාවික හමුදාභාරයට ගෙන තිබෙනවා.
තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ සුක්‍ෂම ලෙස ප්ලාස්ටික් ඇසුරුමක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 485ක පමණ ප්‍රමාණයක් සමඟ එහි සිටි සැකකරුවෙකු සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදාභාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයටගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වීථි වටිනාකම රුපියල් මිලියන 04ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.
තවද, මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයටගත් සැකකරු වයස අවුරුදු 18 ක් වන ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, නාවික හමුදා භාරයටගත් අයිස් මත්ද්‍රව්‍ය, ඩිංගි යාත්‍රාව සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇත.
එමෙන්ම, මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සොයා තලෙයිමන්නාරම පොලිසිය විසින් ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.
The post අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට appeared first on ITN News.
Post a Comment