Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කූරගල පුදබිමේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්  

Add comments

කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙයි.

සබරගමු පළාතේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කල්තොට නිම්නයේ කූරගල පුදබිම පිහිටා තිබේ. මහ රහතන් වහන්සේලා වැඩ සිටි ගල් ලෙන් 13ක් සහිත කූරගල පුදබිම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.

අද (16) පස්වරුවේ කූරගල පුදබිම වෙත පැමිණි ජනාධිපතිතුමා ඉදිවෙමින් පවතින දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීය.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් කූරගල විහාර භූමියේ සංවර්ධන කටයුතු සිදු කෙරේ. එහි ඉදිකිරීම් නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා පුදබිම ආශ්‍රිත මාර්ග පද්ධතියේ සහ ආසන දෙදහසක් පැනවිය හැකි ලෙස නිර්මාණය කර ඇති ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

පුදබිමට පැමිණ සිටි ජනතාව සමඟ කතා බහ කළ ජනාධිපතිතුමා අවට භූමිය ද නිරීක්ෂණය කළේය.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

The post කූරගල පුදබිමේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG