Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොටදෙණියාවේදී අතුරුදන්ව මීරිගමින් හමු වුනු දරුවන් ගැන වැඩිදුර පරීක්ෂණ ඇරඹෙයි  

Add comments

කොටදෙණියාව වත්තේමුල්ල ප්‍රදේශයේදී අතුරුදන් වූ දරුවන් දෙදෙනා දින 43 කට පසු අද මීරිගම ප්‍රදේශයෙන් හමු වුණා.

එම දරුවන් නිරුපද්‍රිතව සිටින ආකාරය දැකගත හැකි වු අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අවුරුදු 10 සහ 12 වයස්වල පසු වූ ඥාති සොහොයුරන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවට කොටදෙණියාව පොලිසියට පැමිණිල්ලක් ලැබුණේ පසුගිය 23 වනදායි. කොටදෙණියාව වත්තේමුල්ල බාදුරාගොඩ ප්‍රදේශයේදීයි මෙම දරුවන් අතුරුදන්ව තිබුණේ. මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය අවස්ථා දෙකකදී අදාළ දරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරමින් මෙම දරුවන් සොයා ගැනීමට ජනතා සහාය ඉල්ලා සිටියා. කෙසේ වෙතත් ඔවුන් පිළිබද නිශ්චිත තොරතුරක් දැනගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මේ අතර දින 43 කට පසුව අද උදෑසන කාන්තාවක් මීරිගම පොලිස් ස්ථානය වෙත මෙම දරුවන් ගෙනවිත් භාර දී ඇති බව වාර්තා වුණා. එම දරුවන්ට කිසිදු බාහිර හානියක් සිදුව නොමැති ආකාරයයි දැකගත හැකි වුණේ. දරුවන්ගේ මව ලබා දුන් ප්‍රකාශවල පරස්පරතාවක් පවතින බව  පැවසෙන අතර  සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

The post කොටදෙණියාවේදී අතුරුදන්ව මීරිගමින් හමු වුනු දරුවන් ගැන වැඩිදුර පරීක්ෂණ ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG